සෞඛ්‍ය ඇමති සකච්චාවට එකඟ වුන නිසා වෛද්‍ය වර්ජනය නවතියි .

ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසූවේ අමාත්‍යවරයා අද දින විදෙස් ගතවන බැවින් නැවතත් දිවයිනට පැමිණි පසු සාකච්චා සඳහා වේලාවක් ලබාදෙන බවට වූ පොරොන්දුව මත වර්ජනය තාවකාලිකව අත් හිටවන බවයි.

දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කරනා ලදි .