සෞඛ්‍ය ඇමතිගේ ටික්ටොක් බැලිල්ලට නාමල් හරස් වෙයි.

පසුගිය 09 වැනිදා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදහස් පල කර තිබුණා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, වර්තමානය වන විට වෛද්‍යවරුන්ට මෙන්ම රෝහල්වල ගැටලු රාශියක් ඇති බවත්, තමා ගැන සෙවීමට පෙර එම ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරන ලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

“පළවෙනි එක තමයි රටේ සෞඛ්‍ය ඇමතිවරයා ටික් ටොක් බලන එක නවත්තලා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕනේ. ටික් ටොක් බල බල හිටියොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන දේ අපිට හිතාගන්න පුළුවන්. අද වෛද්‍යවරුන්ට විශාල ගැටලුවක් තියෙනවා. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. රෝගීන් අසරණ වෙලා තියෙනවා. රෝගීන් ගැන හිතලවත් ඔය ටික් ටොක් බලන එක නවත්තලා සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණුු කරන්න සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කළොත් හොඳයි. ඉතින් මනමාලයෙක් මනමාලියක් අවශ්‍ය නම් ටික්ටොක් බලන්නේ නැතුව වෙනත් ක්‍රමයකට පොරොන්දම් බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. එතුමාට කියන්න තියෙන්නේ ඒ ටික තමයි…”