සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීමෙන් මාලිමාවේ රණවිරු සාමූහිකයට උතුර දකුණ මාරුවෙයි .

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීම හේතුවෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවට සම්බන්ධ රණවිරු සාමූහිකය බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටිනා බව වාර්තා වේ .

ඊට අමතරව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා අත් අඩංගුවට ගන්නා බව ආරක්ෂක සහ පොලිසිය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත්ව සිට නැති බවත් එම හේතුවෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරායා මෙන්ම ආරක්ෂක සහ මහජන ආරක්ෂාක අමාත්‍යංශයන්හී ලේකම්වරු බරපතල අපහසුතාවයකට ලක්ව සිටිනා බව රජයට සම්බන්ධ ආරංචිමාර්ග පවසයි .

මඩකළපුව වව්නතිව් මුරපොලේ පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඝාතනය කළ අතර, ඊට සම්බන්ධ පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීම සහ ඔවුනට හමුදා ඔත්තුකරුවන් ලෙස වැටුප් ගෙවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් සලේගෙන් ප්‍රශ්ණ කරමින් සිටිනා බව අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවෙ මූලාශ්‍ර පවසයි .

සුරෙෂ් සලේ මේවන විට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් අධිකාරීවරයෙකුගේ බලය මත රඳව ගත හැකි උපරිම කාල සීමාව වන දින 3 ක කාලය රඳවාගෙන සිටී . ඉන් ඔබ්බට ඔහු රඳවාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතුව ඇත .