සමන්ත විද්‍යාරත්නගෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා රජිත් කීර්ති නඩු දමයි.

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 ක් බැගින් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර කර ඇත .

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , ස්වාධීන රූපවාහිනී සේවය සහ එහි සභාපතිවරයා නම් කර තිබෙ. හල්දුම්මුල්ල ප්‍රදේශයේ ඉඩමකට අදාල සිදුකළ කරුණු දැක්වීමක්දී අමාත්‍ය සමත විද්‍යාරත්න විසින් තමාට අපහාස කළ බවත්, එම ප්‍රකාශය ස්වාධීන රූපවාහිනියේ විකාශණය වූ බවත් පවසන පෙත්සම්කාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය පැමිණිල්ලෙන් කිය සිටී .

ඒ වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ගෙන් සහ ස්වාධීන රූපවාහිනි සේවයෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි අධිකරණයෙන් ඉල්ලා සිටී .