සටන් විරාමය නොතකා ඊශ්‍රායලය ලෙබනනයට පහරදී 254 ක් මරදමයි .

ලෙබනනයේ මධ්‍යම බේරූට් හි වාණිජ හා නේවාසික ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රී ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර මාලවක් එල්ලකර තිබේ . ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු එල්ල කළ මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 254 දෙනෙකු මිය ගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව අල් ජසීරා මාධ්‍ය ආයතනය වාර්තා කරයි .

ඊශ්‍රායල් ප්‍රහාරයට ගුවන් ප්‍රහාර 100 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්වූ බවත්, කිසිදු පූර්ව අමතුරු ඇඟවීමකින් තොරව මෙම ප්‍රහාරය එල්ල වූ බවත් එම මාධ්‍ය ආයතනය වාර්තා කරයි .

තමන් ඉරානය සමග සටන් විරාමයට එකඟවන නමුත් හිස්බුල්ලා සටන් කාමීන්ට එල්ල කරනා ප්‍රහාරයන්ට සටන් විරාමය අදාල නොවනා බව ඊශ්‍රායලය ඊයේ ප්‍රකාශ කරනා ලදි . ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා කඳවුරු ඉලක්ක කර තමන් ප්‍රහාරයක් එල්ල කල බවත්, සිවිල් ජනාවාස හැකිතාක් මගහරිමින් තම හමුදාව කටයුතු කර ඇති බවත් ඊශ්‍රායලය පවසයි .