සජිත්ගේ ලේකම් විපක්ෂ නායක කාර්යාලයේ සේවිකාවකට ගුටි බැට දෙයි

විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගිය(24)දින එහි ලේකම්වරයෙකු සහ කලමණාකරණ සහකාරවරියක් අතර ගුටි හුවමාරුවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

පෞද්ගලික හේතු මුල්කරගනිමින් මේ ගුටිබැට හුවමාරුව සිදුවී ඇතිබව පැවසෙන අතර,මේ හේතුවෙන් අදාල අංශය තුළ කිසිදු රාජකාරි කටයුත්තක් සෙසු අයට නිදහසේ කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද පැවසේ.

මෙම සිදුවීමට සම්බන්ධ ලේකම්වරයා,
අදාල කළමනාකරණ සහකාරවරියට මුලින් පහර දී ඇති අතර මෙලෙස පහර දීමට ඇති අයිතිය කුමක්ද කියා ඇයද ඔහුට දිගට හරහට පහර දී තිබේ.එම අවස්ථාව තුළ අදාළ අංශයෙහි කිහිපදෙනෙක්ම සිට ඇති අතර පුහුණු පදනමින් බදවාගත් ආධුනික තරුණියක්ද එහි සිටි බව පැවසේ.

මේ දෙදෙනා අතර ගැටුම කලක සිටම සිදුවන්නක් බවත් මීට පෙරද දෙදෙනා අතර බරපතළ ගැටුම් සිදුවී ඇති බවත් බොහෝ දෙනා පවසයි.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදීම කාන්තාවන් ඉලක්ක කරගනිමින් සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී ද ගැටලු මතුවී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *