සංවිධානාත්මක අපරාධ කරුවන් හත් දෙනෙකුට මාරුවක්.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටි ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු ඊයේ වැලිසර නව බන්ධනාගාරය වෙත මාරුකර යවූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසීය .

මෙලෙස මාරු කර යවා ඇති පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් වන වෙලේසුදා, දෙමටගොඩ චමින්ද, ලොකුපැටී, මිදිගම රුවන්, බැකෝ සමන්, ආමි සම්පත්, මන්නා රමේෂ් යන අය ඇතුළත් වේයි .

බූස්ස බන්ධනාගාරයේ සිටින රැදවියන් විසින් බන්ධනාගාරයේ සිට විවිධ ජාවාරම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටළු සලකා බලා මෙම පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

වැලිසර නාවිකා හමුදා කඳවුරේ ඉදිකර ඇති වැලිසර නව බන්ධනාගාරය විශේෂ ආරක්ෂිත විධිවිධානව ඉදිකර ඇත . එහි ප්‍රතම රැදවියන් කණ්ඩායම වන්නේ මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසය .