සංචාරකය ප්‍රවාහනය කරනා රියදුරන්ට ඇල්ල තහනම් කරන්නට ගිය පොලිස් නිළධාරීන්ට මාරුවක්.

ඇල්ල සංචාරක කලාපයට පිටස්තරව පැමිණෙ‍න කුළී රථ රියදුරන් සහ එම ප්‍රදේශයේ රැකියාවේ නිරත කුළී රථ රියදුරන් අතර ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීමට පැමිණි පොලිස් නිළධාරීන් පක්ෂග්‍රාහීව කටයුතු කළ බව දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රදේශයේ මගීන් ප්‍රවාහනය නොකරන ලෙස රියදුරන්ට උපදෙස් ලබාදෙන ආකාරය දැක්වේ.

කෙසේවෙතත් අදාළ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට විනය කටයුත්තකට යටත්ව ඇල්ල පොලීසියේ සිට බණ්ඩාරවෙල පොලීසිය දක්වා ස්ථානමාරුවක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසීය.