ශ්‍රී ලාංකික සම්භාවයක් සහිත ධර්මන් ෂන්මුගරත්නම් සිංගප්පූරු ජනාධිපති වෙයි.

සිංගප්පූරුවේ ඊයේ පැවති ප්‍රථම ජනාධිපතිවරණයෙන් එරට ජ්‍යේෂ්ටතම දේශපාලනඥයෙක් වන ධර්මන් ෂන්මුගරත්නම් ජය ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔහු
2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

ඊට අමතරව එරට මුදල්, අධ්‍යාපන සහ මානව සම්පත් කරළමනාකරණ අමත්‍යවරයා ලෙසද කටයුතු කර ඇති ධර්මන් ෂන්මුගරත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද ඉහළ පෙලේ තනතුරු හොබවා ඇත .

නව සිංගප්පූරු ජනාධිපතිවරයාගේ මව මෙන්ම මුත්තණුවන්ද ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ උපත ලැබූවන් බව වාර්තා වේ. ජනතා ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රථම සිංගප්පූරු ජනාධිපතිවරයා ලෙස ධර්මන් ෂන්මුගරත්නම් ඉතිහාසයට එක් වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *