ශ්‍රී ලංකා යුධ හමුදාව රාජ්‍ය ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හැරියා .

ඉකුත් අරගල සමයේ ශ්‍රී ලංකා යුධ හමුදාව සිය වගකීම් ඉටු නොකළ බව පිවිතුරු හෙළ උරුමයෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි .

ජනාධිපතිවරයාගේ නිවස වටලන අවස්ථාවේ සිට මැයි 9 වනදා රටපුරා ගෙවල් ගිනි තියද්දී සහ මන්ත්‍රීවරයෙක් පහරදී මරා දමද්දී හමුදාව ආයුධ සන්නද්ධව නිහඬව බලා සිටි බව ඔහු වැඩි දුරටත් පැවසීය.

රාජ්‍ය නායකයා කවුරු වුනත් ඔහුගේ ප්‍රතිපත්ති කුමක් වුවත් ඔහු සුරැකීමට හමුදාව බැඳී සිටිනා බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත කෘතියේ යුධ හමුදාව වගකීම් පැහැර හැරිය බවට නගනා චෝදනාව තමාද පිළිගන්නා බව ඔහු සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!