ශ්‍රී ලංකාව මාස 18 කින් බංකොළොත් ආර්ථිකය ගොඩගත් ආකාරය විශ්මය ජනකයි

දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ, ඉතා කෙටිකලකින් බරපතල ආර්ථික අර්බුදයක් සාර්ථකව කලමනාකරණය කරගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක් කළේය.

වොෂින්ටන් ඩී.සී හි පැවති ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යන් පිළිබඳ සාකච්චවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමා පසුගිය දිනක මාලදිවයිනේ සංචාරය කළ බවත්, එහිදී එරට බලධාරීන්හට කළාපීය වශයෙන් චීනයෙන් සිදුවෙන බලපෑම ගැන විස්තර කළ බවයි. ”ඕනෑම රටකට චීනය හොඳ හවුල්කරුවෙකු වනු ඇත්තේ බීජින් පාලනය සමග සැබෑ තරගයක යෙදෙන්නෙක් සිටින්නේනම් පමනක් බව තමා පැවසු බව ඔහු එහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ “ඓතිහාසික පුනරාගමනය”

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ උපාය මාර්ගික ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ගැන උදාහාරණ දක්වනවාට වඩා “නැවත පැමිණීමේ කතාවක්” ගැන සඥහන් කිරීමට තමා කැමති බවයි.

” වසර එකහමාරකට පෙර, ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක ගිලී සිටියා. මහා මාර්ග දිගේ බිහිසුණු කැරළි දැකගත හැකි වුනා . පෙට්‍රල් සහ ආහාර සඳහා ජනතාව දිගු පෝළිම්වල සිටියා. අවසානයේ ජනාධිපතිගේ නිවස විරෝධතාකරුවෝ අල්ලගත්තා. ඉන් නතර නොවූ විරෝධතාකරුවන් ඔහුගේ පිහිනුම් තටාකයේ පිහිනීමට පවා පෙළඹුනා.

එත් ඔබ මෑතකදී ශ්‍රී ලංකාවට ගියේ නම්, එය බෙහෙවින් වෙනස් ස්ථානයක් බව වටහාගන්නට ඇති . දැන් රට සාමකාමීයි. ශ්‍රි ලංකා රුපියල ස්ථාවර වෙලා. භාණ්ඩ හා ඉන්ධන මිල ස්ථාවරයි. ණය ලබාදුන් පාර්ශව ශ්‍රීලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සහතික ලබා දීලා. ඒ විතරක්ද IMF මුදල් ප්‍රවහය රටට ගලාගෙන එනවා. ඔවුන් ඉතා ඉක්මණින් බරපතල ආර්ථික අර්බුදයකින් ගොඩ අවා. එය විශ්මය ජනකයි..

මෙය සිදුවූයේ කෙසේද. මිතුරු රාජ්‍යන්ගේ සුළු උපකාරයක් ඇතිව ශ්‍රී ලංකාව ගැටළුව විසඳාගත්තා . අපි දැක්ක දෙයක් තමයි ඉන්දියාව වැනි රටවල් සහනදායී ණය ලබා දෙමින් ඉතාම දුෂ්කර කාලය පසු කරන්නට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සැපයුම් සපයා දුන්නා.

ඇමරිකවත් USAID හරහා එම දිනවල කෘෂිකාර්මික යෙදවුම්, පොහොර සහ බීජ සඳහා ඩොලර් මිලියන සියගණනක් ලබා දුන්නා. ඒ මුදල් යොදවා නතරව තිබූ කෘෂිකාර්මික කටයුතු නැවත ආරම්භ කරන්න ගොවියන්ට හැකි වුනා.

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ප්‍රමුඛ ණයහිමි ප්‍රජාව, ශ්‍රී ලංකාවට සිය ණය තිරසාර ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ දීම සඳහා සූත්‍රයක් සෙවීමට මාස ගණනාවක් සාකච්ඡා කරා . එමගින් ඇතිකළ පීඩනය නිසා නිසා චීනයට සිදුවුනා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟවන්න. IMF ප්‍රතිලාභ සහ අද ඔබ දකින ආර්ථිකයේ වෙනස්කම් ආරම්භ වුනේ එතනින්.” ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!