දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ විනාශයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව නැවත වරක් සිය බාහිර ණය ගෙවීම් නැවත අත් හිටවිය යුතු බව ලොව ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් අදහස් පලකර ඇත . ආර්ථික විද්‍යාඥයන් 120 ක පමන කණ්ඩාමක් වීසින් කර ඇත. මෙම ප්‍රකාශය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනුයේ එම කණ්ඩායම වාමාංශික ධාරාවේ ආර්ථික විද්‍යාඥයන්ගෙන් සමන්විත එකක් බවත් ඔවුන්ගේ උපදෙස් නිශා ශ්‍රී ලංකා ඇතුළු රටවල් ගණනාක් මින් පෙර ආර්ථිකය විනාශ කරගත් බවත් ය.
මහාචාර්යවරයා පවසනුයේ ශ්‍රී ලංකාව වරක් ණය පැහැර හැරීම නිසා ලෝකයේ විශ්වාසය බිඳගත් රාජ්‍යක් වන බැවින් නැවතවරක් ණය පැහැර හැරීමකට ගියහොත් එමගින් ඉතා දරුණු ප්‍රතිඵල ආර්ථිකයට සිදුවිය හැකි බවය . එවැනි බලපමක් දරා ගැනීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නොහැකි බව ඔහු අවධාරණය කරයි .
ණය පැහැර හැරීම නිසා වරක් අපට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වූ බවත් , එය ඉතා අසීරු මෙන්ම දිගුකල් ගතවු කටයුත්තක් බවත්, නැවත එවැන්නකට යාම ඉතා අවදානම බවතා මහාචාර්යවරයා පවසයි . එමෙන්ම ඒ සඳහා විශාල කාලයක් වැයවිය හැකි බවත් ඔහු පෙන්වාදෙයි . වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය දුනුසිංහ මෙසේ පැවසීය .
”එම කණ්ඩයම යෝජනා කරනා ආකාරයට ලංකාව නැවතත් ණය ප්‍රතිව්‍යුහගත කරන්නට යාම කිසිසේත් නොකළ යුතු දෙයකි . ණය පැහැර හැරීමත් සමග ජාත්‍යන්තට ණය දෙන ආයතන සහ ජාත්‍යන්තර ණය හිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා ශ්‍රි ලංකාව බරපතල ආර්ථික අසීරු තාවයකට ලක් විය . ණයවර ලිපියක් විවෘත කරගන්නට පවා අසිරුවන තැනට කරුණු යෙදුනි .
නැවත අප ණය ප්‍රතිව්‍යුහගත කරණයකට යාම යනු ආර්ථික අර්බුදය පැවති අවස්ථාවේ පැවති තත්ත්වයට සමාන දුෂ්කර අවදියකට යාමට සමානය ක්‍රියාවකි . ණය ප්‍රතිව්‍යුහගත කිරිමෙන් පසු අප නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට යාමට බලාපොරොත්තු වූ අතට එමගින් ද්වීපාර්ශවීය ණය කරුවන්ගෙන් සංවර්ධන ණය ලබාගැනීම , බහු පාර්ශවීය ණය කරුවන්ගෙන් ණය ලබාගෙන සංවර්ධන කටයුතු කඩිනම් කිරීම වැනි ඉලක්ක සපුරා ගනීම අපගේ අපේක්ෂාව විය. නැවතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු අපගේ සංවර්ධනය නැවත කල් දමා ගැනිමකි .
ණය ප්‍රතිව්‍යුහාගත කිරීම තුළින් 2028 විට 2043 දක්වා අපගේ ණය සැහැල්ලු නැතිනම් පහත මට්ටමකට කල් දමා ගත්තෙමු. නැවත වරක් ණය ප්‍රතිව්‍යූහගත කිරීම තුළින් ඉතා විශාල ගණනකින් ණය සහ පොළි ඉහළ යන අතර එමගින් දැවැන්ත ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවෙයි .
ශ්‍රී ලංකාව වැනි කුඩාරටක් ජාත්‍යන්තරය සමග මේ ආකාරයෙන් කටයුතු කරන්නට යාම කුඩා ළමයෙක් ගින්දර සමග ක්‍රීඩා කිරීමට සමානය. ලංකාව මේ තත්ත්වය ගැන අවධානය යොමුකළ යුතුය. නැවත ණය ප්‍රතිව්‍යුහගතකිරීමට යාම නිසා ආනාගතයේ දැඩි කොන්දේසි සහ ඉහළ පොළී අනුපාතයකින් තොරව ණය ලබා ගැනීමට අපට නොහැකි වනු ඇත .
මෙම ප්‍රකාශය කර ඇති ගෝළීය ආර්ථික විද්‍යාඥයන්ගේ සම්මේලනයේ උපදෙස් අප නොතකා හැරිය යුතුයි .ඔවුන් විශ්වස කරනුයේ මුදල් මුද්‍රණය කිරීම මගින් ආර්ථික අර්බුදය විසඳා ගැනීමය . ඔවුනගේ උපදෙස් ගැනීම වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග අප මෙතුවක් පැමිණි මගයාම වඩාත් සුදුසු වෙයි.