ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ප්‍රංශ සමාගම් දෙකකට .

ප්‍රංශයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු චාර්ල්ස් ඩිගෝල් ගුවන්තොටුපොළ වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .

ඒඅනුව මගී සහ භූමි සේවාවන් සහ භාන්ඩ හැසිරවීමේ කටයුතු එම ගුවන්තොටුපොළ කේන්ද්‍රකරගෙන ප්‍රංශ සමාගම් දෙකක් විසින් සිදුකිරීමට නියමිතය .

මීට අදාල ටෙන්ඩරය සීමිත ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් ක්‍රමය කැඳවා තිබූ අතර, ඒ සඳහා ලංසුකරුවන් හතරදෙනෙක් ඉදිරිපත්වී සිටිනා ලදි . ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

ඒ අනුව මගී සේවා සහ භූමි සේවා ගිවිසුම යුරෝ මිලියන 7.73 ක මුදලකට වසර තුනක කාලයක් සඳහා 2026 අප්‍රේල් 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි Groupe Europe Handling සමාගමට ප්‍රදානය කර ඇත.

එමෙන්ම, භාණ්ඩ හසුරුවීමේ සේවා ගිවිසුම 2026 පෙබරවාරි 1 දින සිට වසර තුනක කාලයක් සඳහා යුරෝ මිලියන 1.90 ක වටිනාකමකට France Handling Cargo සමාගමට ප්‍රදානය කර ඇත.