ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පමාව නිසා 48 දෙනෙකුගේ කොරියානු සිහිනය බොඳවෙයි

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සඳහා තෝරාගෙන තිබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 48 දෙනෙකුගේ කොරියානු රැකියා අවස්තාව ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ අකාර්යක්ෂම මෙහෙයුම් ක්‍රියා කළාපය නිසා අවධානමට ලක්ව ඇතිබව වාර්තා වේ.

මෙම ශ්‍රමික පිරිස රැගත් ශ්‍රි ලංකන් යානය අද රාත්‍රී 8 ට කොළඹ සිට කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූනි. එහෙත් හිටි හැටියේම ශ්‍රි ලංකන් ගුවන් සේවය එම ගුවන් ගමන හෙට උදෑසන 6 දක්වා කල්දමා ඇත. මෙම පමාව නිසා මෙම ශ්‍රමික පිරිසගේ කටයුතු කොරියාව තුළදී කළමනාකරණය කිරිම ගැටළු සහගතවන බැවින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පැමිණීම අත් හිටවිමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් මේ ආකාරයෙන් පමා වීම සහ යානා කාර්මික දෝෂයන්ට ලක්වූ අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ වාර්ථා වූ අතර මෙම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ මගින්ගෙ විශ්වාසය බරපතල ලෙස බිඳ වැටෙමින් පවතින බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *