ශ්‍රීලනිප යේ අවුල් රැසක්. ප්‍රධාන කාර්යාලයටත් අඟුළු දමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ වන විට අර්බුද රැසකට මුහුණ පා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අද(06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ප්‍රධාන කාර්යාලය වසා දමා ඇති බවත්, එහි ප්‍රධාන ගේට්ටුවට අඟුළු දමා ඇති බවත් වාර්තා වේ.

පසුගිය 02 දා ( සැප්තැම්බර් 02 ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 72 වන සංවත්සරය ” එක්වෙමු වෙනසකට සැරසෙමු” යන තේමා පාඨය ඔස්සේ සැමරූ අතර, ඉන් දින කීපයකට පසුව මෙවැනි වෙනස්කම් රැසක් එම පක්ෂය තුළ දක්නට ලැබීම දේශපාලන ආරංචි මාර්ග විමතියට පත්කරයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ (05) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවය.

ඒ අනුව දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහ ලේකම් ධුරයෙන් ද ඉවත් කර ඇති අතර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.

කෙසේවෙතත් අප කළ විමසීමකදී දයාසිරි ජයසේකර පැවසුවේ පක්ෂ සභාපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *