වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05 කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩට උපදෙස් ලබා දී තිබේ.
පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිලදී ගත් වී තොග අතුරුදන්වීමක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පැමිණිලි කර තිබුණි.
වී තොග අතුරුදන්වීමට වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රදේශීය කාර්යාලවල ඇතැම් නිලධාරීන් ද සම්බන්ධ බව එම සේවකයන් අමාත්‍යවරයාට පවසා ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, පොල්ගහවෙල, මහව ඇතුළු ගබඩා 05 ක වී තොග මෙසේ අතුරුදන් වී තිබු අතර එම තොගවල වටිනාකම රුපියල් කෝටි 10ක් බව පැවසේ.
මේ සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ විමර්ශන අංශය හරහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. රටේ සහල් මිල පාලනය සඳහා වී අලවි මණ්ඩලය පවත්වාගෙන යන වී තොග ඉවහල්වන බව වෙළඳපොල ආරංචිමාර්ග පවසයි.