විශ්වවිද්‍යාල කාර්යය මණ්ඩල වැටුප් විෂමතා ගැටලුවට අදාළ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ශ්‍රේණි 12 ක් සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් අප්‍රේල් 01 දා ඉදිරිපත් කර තිබෙනවා.
තවද විශ්ව විද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්යය මණ්ඩලය සඳහා ගෙවනු ලබන මාසික හිලව් දීමනාව අධ්‍යයන කාර්යය මණ්ඩල දීමනාව සමඟ ප‍්‍රතිශතාත්මකව ගලපා ලැබිය යුතු දීමනාව 2024 ජනවාරි 01 දින සිට අනධ්‍යයන කාර්ය මණඩලයට ලබා දීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද අප්‍රේල් 10 දා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම අමාත්‍ය මණ්ඩල සංදේශ දෙක මැයි 08 වන දින අමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.