විල්පත්තුව කපන තාඹුගලගේ හෙලිකොප්ටරය අනුරාධපුර බන්ධනාගාරයට ගොඩබෑම අභිරහසක්.

පසුගියදා 11 වනදා අනුරාධපුර බන්ධනාගාරයට හෙලිකොප්ටරයකින් පැමින ඇත්තේ අවුරා ලංකා හර්බල් සමාගමේ සභාපති චන්දික විරංජිත් තාඹුගල නැමැත්තා බව අනාවරණය වී ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වීඩියෝවක් නිකුත් කරනා සිවිල් ක්‍රියාකාරික දුලාන් සේනාධීර පවසනුයේ මෙම හෙලිකොප්ටර් ගොඩබෑම මුළුමනින්ම නීතිවිරෝධී බවය.

වැඩි දුරටත් කරුණු දක්වන ඔහු පවසනුයේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම එම ස්ථානයට පැමිණ විරංජිත් තාඹුගල මුණගැසී ඇති බවයි. බන්ධනාගාරය තුළදී ඔහු මුණගැසුනේ කවුරුන්ද යන්න පිළිබඳව මෙන්ම ඔහුට ඒ සඳහා අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න වහා හෙළිකරනා ලෙස දුලාන් සේනාධීර වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

චන්දික විරංජිත් තාඹුගල

අවුරා ලංකා හර්බල්ස් සමාගම දැවැන්ත ඉඩම් ප්‍රමාණයක් කෝමාරිකා වගාවට ලබාගෙන ඇතිමුත් වසර හතරක් පුරා එම ඉඩම්වල කිසිම වගවක් කර නැත. මාසයකට රුපියල් තුන්ලක්ෂ පනස්දාහක මුදලක් ලබදෙන බව කියමින් ප්‍රදේශයේ ගොවීන්ගෙ ඉඩම් පවරාගත්තද පොරොන්දු ප්‍රකාර ගෙවීම් කර නැතිවබ ඔහුට ඉඩම් ලබදුන් ගොවියෝ පවසති.

එම ඉඩම් වල රජය මගින් යෙදූ මායිම් ගල් ගලවා ඉවත්කර ඇති අතර සියළු ගස් ඉවත් කර ඉඩම් ඩෝසර් කර ඇත. එහෙත් එම ඉඩම්වල එක කෝමාරිකා පැලයක්වත් වවානැතිබව ගොවියෝ පවසති. ඊට අමතරව එම ඉඩම් තුළ පිහිටි කුඩා වැව් කිහිපයක්ද කඩා දමා අත. නැවත එම ඉඩම් වගාකටයුත්තක් සඳහා භාවිත කළ නොහැකි තරමට විනාශ කර ඇති බව් වාර්ථාවේ.

අවුරා ලංකා සමාගමේ ඉදිකිරිමක් සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කළාපයේ කැලෑ එළිකිරීමක් සිදුකර ඇත. ඊට එරෙහිව වනජීවි දෙපාර්තමේන්තුව නොච්චියාගම අධිකරණයේ අවුරා ලංකා හ‍ර්බල්ස් සමාගමට සහ එහි හිමිකරුට අංක B/449/20 දරණ නඩුව පවරා ඇත. ඊට අදාලව තහනම් නියෝගයක්ද නිකුත්කර ඇත. එහෙත් විරංජිත් තාඹුගල නම් පුද්ගලයා අධිකරණ නියෝග පවා නොතකා අඛණඩව වනාන්තර හෙළිකිරීම සිදුකරගෙන යයි.

දින ගණන් සැනකෙළි පැවැත්වීම සහ එවා නරඹන්නට එන ලක්ෂ ගණනකට නොමිලේ ආකාර ලබාදීම, සංගීත කණ්ඩායම් සඳහා මාසිකව මිලියන ගනන මුදල් ගෙවනා ගිවිසුම්වලට එළඹීම වැනි දේ කළද ඔහු තම සේවකයන්ට මාස ගනනකින් වැටුප් ගෙවා නැතිබව වාර්තා වේ

රජරට ගොවිබ්ම් වනසාලමින් දැවැන්ත විනාශයක් කරනා විරංජිත් තාඹුගල බන්ධනාගාරය තුළට හෙළිකොප්ටරයකින් පැමිණීම බරපතල සැක සකිත ක්‍රියාවක් බැවින් ඒ පිළිබඳව වහා පටීක්ෂණයක් කරනා ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය අචාර්ය විජේදාස රාජපක්ෂ නියෝග කර ඇතිබව වාර්තා වේ.

හානිකර ඇති ඉඩම් සහ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ ලේඛණ