වසර අටක් ඇණහිට තිබූ පොල්පිටියේ – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ වැඩ කටයුතු ඉදිරි දින හත තුළ නිම කිරීමට හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න පවසයි.
මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත්වීමෙන් පැවති සමථකරණ රැස්වීමේදී ගැටළුවට තුඩුදී තිබූ සිරිපාගම තේ වත්තේ හිමිකාර ආටිගල පවුලේ සාමාජිකයන් කිසිදු වන්දියලින් තොරව අදාල රැහැන් මගට අවසට ලබාදීමට එකඟවූ බව ඔහු වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව තවත් දින 06ක් ඇතුළත අදාළ සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධ කර දකුණු පළාතට විදුලිය ලබාදීම වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන බව සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම ජාතික වටිනා කමක් සහිත මෙම කාර්යයට දායක වීම සම්බන්ධව ආටිගල පවුලේ සාමාජිකයන්ට රටේම ගෞරවය හිමිවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න පැවසීය .
ඒ අනුව තවත් සතියක් ඇතුළත දකුණු පළාතට වෝල්ටීයතාවය 220,000 කින් යුතු ජාතික විදුලිබල පද්ධතියේ සැපයුමක් ලැබෙනා බවත්, ඊට අදාල කිලෝමීටර් 150ක සම්ප්‍රේෂණ පද්ධතියේ ඉතිරිව තිබූ මීටර් 700 ක කොටස නිම කිරීම හෙට සිට ආරම්භ කරනා බවත් විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසීය.