විද්‍යාත්මක පදනමකින් කටයුතු කර මෙරට භාවිත කරන ඖෂධ සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි . දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන 360 සජීවී සංවාදයට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය .
එසේම මේ වන විට ජලභීතිකාව වැලැක්වීමට ලබා දෙන මානව එන්නත හා සර්ප දෂ්ටනයකට පසු ලබා දෙන ඖෂධ රෝහල් පද්ධතියේ අවශ්‍ය ප්‍රමාණයට තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ රෝග නිර්ණය කිරීමට උපයෝගී කර ගන්නා යන්ත්‍ර -සූත්‍රවල ගැටලු මේ වන විට නිරාකරණය කර ඇති බවද පෙන්වා දෙන සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේ මේ සියල්ල ඉටු කරන්නේ අභියෝගාත්මක වාතාවරණයක් මැද බව අවධාරණය කළේය.