බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රදේශයේ ඇති ඌමා ඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්විය . අනතුරුව ප්‍රදෙශයේ ගොවි සංවිධාන එකතුව වැලි කොට්ට 7000 පමන අයොදවා එය තාවකාලිකව අළුවැඩියාකරන ලදි .
එලෙස ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලද උමා ඇලේ දියවර නිදහස් කිරීම ඉකුත් 17 වන්දා සිදු විය . එම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්නද සහභාගී විය. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුධ හමුදාව, මහා සංඝ රත්නය, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් ෞමා ඇල පිළිසකර කිරීමට දායක විය
උමා ඇල ප්‍රධාන වශයෙන් එළවළු වගාවට ජලය සපයන අතර එමගින් ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.