වැඩිහිටි නිවසක් ජලයෙන් යටවී නේවාසික වැඩිහිටියන් 11 ක් මරුට.

පන්නල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් ජලයෙන් යටවීමෙන් අවම වශයෙන් වැඩිහිටියන් 11 දෙනකු මියගොස් තිබේ.

අඛණ්ඩ පතිත වෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වැඩිහිටි නිවාසය වේගයෙන් ජලයෙන් යටවී ඇති අතර, එහි රැඳීසිටි පිරිස පිටතට යෑමට නොහැකිව එහි සිරව ඇත. දුෂ්කර මෙහෙයුමකින් අනතුරුව එහි සිටි තවත් 14 දෙනකු බේරාගැනීමට හැකිවී තිබේ.