වැටුන රට ගොඩ ගන්න උතුරේත් දකුණේත් ජනතාවත් එක ලෙස කැප වෙන්න ඕන – අමාත්‍ය මනුෂ නානායක්කාර යාපනයේදී කියයි

වැටුණ රට ගොඩ ගැනීමට ජාති, ආගම්, පාට, පක්ෂ භේධයකින් තොරව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලට උතුරේත්, දකුණේත් ජනතාව එක ලෙස කැපවිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ග්ලෝකල් ෆෙයාර් 2023 යාපනයේ මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී 15 සහ 16 යන දින දෙකේදී ක්‍රියාත්මක වන අතර එහි පෙර සූදානම පිළිබද නිරීක්ෂණය කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

ග්ලෝකල් ෆෙයාර් පළමු වැඩසටහන තමයි මේ. ගාල්ලේදි කළ අත්හදා බැලීමේ ව්‍යාෘතිය සාර්ථක වීම නසා එහි පළමු අදියර යාපනයෙන් පටන් ගන්නේ සංහිදියාව මානව හිමිකම් කවුන්සිල සැසිවාර පැවැත්වෙන දිනවල පමණක් ක්‍රියාත්මක නොවන දෙයක් බව ප්‍රායෝගිකව පෙන්වා දෙමින්. අපි එකම රටක්, එකම ජාතියක්, අපිට පක්ෂ භේධ ආගම් භේධ නෑ නෑ. අපි හැමෝම එකම ජාතියක්. ආණ්ඩුවක් විදියට අපි හැමෝම එකට එකතු කරගෙන යන ගමනට අත්වැල් බැදගන්නා ගමන්, අපි උතුරට ඇවිල්ලා ඉල්ලන්නේ පක්ෂ අමතක කරන්න. ආගම් භේධ අමතක කරන්න. ජාති භේධ අමතක කරන්න. හැමෝම ශ්‍රී ලාංකික ජාතියක්. අපිට ඕන මේ හැම දෙනාටම සේවයක් ලබාදෙන්න.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සියලුම ආයතන, විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, මහ බැංකුව එකට එක්ව අපි යාපනයට එනවා. කම්කරු අමාත්‍යාංශය හරහා සිදුකිරීමට ඇති අවස්ථා, කොලඹ ඇවිත් විසදාගන්න තියෙන ප්‍රශ්න රැසක් යාපනයේදී විසදා ගන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. වෙනදා කොළඹ යන්න ඕන, වෙන කාර්යාලවලට ගිහින් විසදා ගන්න තියෙන ප්‍රශ්ණවලට අපි අද විසදුම් ලබාදෙනවා.

ග්ලෝකල් කියන්නේ ග්ලෝබල් සහ ලෝකල් කියන දෙකේ එකතුවක්. ලෝකය සහ දේශීයත්වය එකට එකතු කරනවා. ජාත්‍යන්තරය සමග මුහු වෙන්න, ජාත්‍යන්තර වැඩ ලෝකයට මුහු වෙන්න, ජාත්‍යන්තරයේ තිබෙන රැකී රක්ෂා ගැන දැන ගන්න, දේශීය රැකියා අවස්ථාවන් පිළිබද දැන ගන්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් වැඩ කටයුතු ඇතුළු ඕනෑම වැඩ කටයුත්තකට මෙහිදී සහාය ලබාගත හැකියි.

අපි මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගමින් ගමට ගිහින් දැනුවත් කිරීමේ වැඩසටහන් පටන් ගත්තා. දැනුවත් කිරීමේ වැඩසටහන් හැම තැනකම ක්‍රියාත්මක කරලා තියෙනවා. සම්පූර්ණ අමාත්‍යාංශයක් යුද්ධයෙන් පස්සේ යාපනයට ඇවිත් ගමට ඇවිත් වැඩ කරන අවස්ථාවක්. ජාති, ආගම්, කුල, පාට පක්ෂ භේධයකින් තොරව ආණ්ඩුව එකතු වෙලා ඉන්නේ වැටුණ තැනින් රට ගොඩ ගැනීමටයි. ඒකට දකුණේ අය විතරක් මහන්සි වෙලා බෑ. දකුණේ අය විතරක් මහන්සි වෙලා බෑ. උතුරේ, දකුණේ අපි හැමෝම ඒකට මහන්සි වෙන්න ඕන. උතුරේ දකුණේ අපි හැමෝම එකට එකතු වෙලා මහන්සි වෙලා තමයි මේක ගොඩ නගන්න ඕන. ඒ වෙනුවෙන් 15 වැනිදාත්, 16 වැනිදාත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ දින දෙකේදීම රාත්‍රියේ සංගීත ප්‍රසංග පැවැත්වෙනවා. ඒ සදහා එකතු වෙන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *