සිංගප්පූරුවේ සුප්රකට විනෝදාස්වාද සමාගමක් වන Go Bungy සමාගම ත්රාසජනක ක්රීඩවක්වන බංගී ජම්ප් සඳහා 10,000 කට අධික පිරිසක් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට සුදානමින් සිටී . උස් ගොඩනැගිලිවල සිට කරනා මෙම පැනීම් සඳහා කොළඹ නෙළුම් කුළුණ තෝරාගෙන ඇති අතර ඒ සඳහා නෙළුම් කුළුණ සමඟ ගිවිසුමක්ද අත්සන් කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් නෙළුම් කුළුණ කළමනාකාරීත්වයේ ප්රධානී විශ්රාමික මේජර් ජෙනරාල් ප්රසාද් සමරසිංහ පවසනුයේ මෙම වසරේ මුල්භාගයේ මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිටව තිබුනද නෙළුම් කුළුණේ අලුත් වැඩියාවන් නිසා එම කටයුතු පමාවු බවය .
කෙසේ වෙතත් මේ වසර අවසානයේ බංගි ජම්ප් ආරම්භ කිරීමට අපේක්ෂා කරනා බව ඔහු වැඩි දුරටත් පැවසීය. .
වසරකට විදේශිකයන් 10,000 ක් පමණ බංගි ජම්ප් සඳහා ගෙන්වාගැනීමට අපේක්ෂාකරනා බවත්, සොගප්පූරුවේ Go Bungy සමාගම සතුව ලොව පුරා ජම්ප් ස්ථාන 50,000 ක් පමණ ඇතිඔ බවත් ඔහු පවසයි .