20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමඟ පැවති පළමු තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදු තිබේ .
ඔහු වෙනුවට දුෂාන් හේමන්තව බොහෝදුරට කණ්ඩායමට කැඳවීමට නියමිත බව වර්තා වේ.
වනිඳු හසරංග ඊයේ දිනයේදී MRI පරීක්ෂණයකට මුහුණ දුන් අතර, ඔහු තවමත් සුවය ලබා නැති බැවින් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත .
ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය එළැඹෙන 12 වැනිදා ඕමානය සමඟ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතයි.