වතුකම්කරු වැටුප වැඩිකරන්න නොදෙන දේශපාලකයෝ විශ්වාස කරන්න එපා – රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර

කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමා කම්කරු වැටුප ඉහළ දැමීම සඳහා නිර්භීත තීන්දුවක් ගත් බවත් එයට විරුද්ධව හාම්පුතුන් නඩු මගට බැසීමට සූදානමින් සිටින බවත් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පෙන්වාදෙනවා. ව

වතුකම්කරුවන්ගේ වැටුප ඉහළ දැමීමෙන් තමන්ට පාඩු සිදුවන බවට හාම්පුතුන් මැසිවිලි නගන බවත්, බොරු මැසිවිලි නොමැතිව වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් දක්වා නොපමාව වැඩි කරන්නැයි තමා හාම්පුතුන්ට බල කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ අද (17) නුවරඑළියේ පැවැත්වෙන “ජයගමු ශ්‍රී ලංකා” ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්.

ඊළග මැතිවරණ අපේක්ෂාවෙන් ඇතැම් දේශපාලනඥයන් හාම්පුතුන් සමග එක් වී වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

වතුකම්කරුවන් වෙනුවෙන් ගෙනියන මෙම වැඩපිළිවෙළ දැන් කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා දේශපාලනඥයන් බලයට පැමිණියත් වතුකම්කරුවන් වෙනුවෙන් වැටුප් කිරීමක් සිදුනොකරන බවත් ඒ පිළිබද කල්පනා කර කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේ දී කියා සිටියා.