ලෝක ළමා සාම සමුළුවේ හොඳම කතාව සඳහා සම්මානය ශ්‍රී ලංකාවට

ජපානයේ ටෝකියෝ නුවර ඊයේ (08) පැවති 04 වන ලෝක ළමා සාම සමුළුවට (04 th World Children’s Peace Summit) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ , වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.එස්.කස්මිරා ජයවීර ඉදිරිපත් කළ දේශනය , එම සමුළුවේ ” හොදම සාමය පිළිබඳ දේශනයට (Most Peaceful Speach Award ) හිමි සම්මානය දිනා ගත්තාය.

කස්මිරා ජයවීර ලෝක සාමය ස්ථාපිත කිරීමට ළමා නායකත්වයේ කාර්යය භාරය අධ්‍යාපනය සහ භාෂා අධ්‍යනය තුළින් උදා කර ගත හැකි ආකාරය සිය කතාව මගින් පැහැදිලි කර තිබෙන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගීවූ පළමු ශ්‍රී ලාංකිකයා ඇය විය.

මෙම සම්මානය දිනා ගත් කස්මිරා ජයවීර සිසුවිය ඊයේ (08) දින රාත්‍රී 11.25ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට බතික් එයාර් ගුවන් සේවයේ ඕ.ඩී.- 297 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *