ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල දර්ශකය ඊයේ (19) වන විට ඩොලර් 95 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 95යි සත 52 ලෙස සනිටුහන් වූ අතර පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් 31 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය මෙය වන බව වාර්තා වේ.

මේ ආකාරයට බොරතෙල් මිල ඉහළ යාම සඳහා සෞදි අරාබිය බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීම සහ ඇමෙරිකානු ඇමරිකානු නිෂ්පාදන පහළ යෑම ඇතුළු හේතු කිහිපයක් බලපා ඇති බව දෙස් විදෙස් විචාරකයින්ගේ මතයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *