ලෙබනනය විනාශකළ නෙතන්නියාහූ සාකචාවවට එකඟවෙයි .

ඉකුත් 8 බදාදා වනදා රාත්‍රි‍යේ ඊශ්‍රායලය ලෙබනනයේ සිවිල් සහ වාණිජ ඉලක්ක වෙත බිහිසුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර 265 දෙනෙකු මරා දැමීමෙන් අනතුරුව ලෙබනනය සමග සාකච්චාවට කැමති බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි .

ලෙබනනය සමඟ හැකි ඉක්මනින් සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලයට ඊයේ නියෝගයක් ලබාදී ඇති බවත් නෙතන්නියාහු පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මේ අතර ගල්ෆ් යුද්ධව නිමාකිරීම සඳහා ඉරානය සහ ඇමරිකාව අතර සාම සාකච්චා අද පාකිස්ථානයෙදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. තමන් මෙම සාකච්චාවට එකඟ මුත් ලෙබනනයේ සිටිනා හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව සිදුකරනා මෙහෙයුම් අත් හිටවීමට එකී සාකච්චා හේතුවක් නොවනා බව ඊශ්‍රායලය පවසා තිබේ .