ලාෆ් ගෑස් අද සිට වෙළඳපොළට .

උත්සව සමයේදී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බව එම සමාගම පවසයි .

එම සමාගම නිකුත්කළ නිවේදනයක් උපුටාදක්වන පාරිභෝගික අධිකාරිය පවසනුයේ හම්බන්තොට වරායට ලාෆ්ස් ගෑස් මෙට්ට්‍රක් ටොන් 7,000ක් රැගත් නෞකාවක් පසුගිය 6 වෙනිදා පැමිණි බවත්, එම ගෑස් තොග ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් සඳහා අද දිනයේ සිට බෙදාහැරීමට පියවර ගන්නා බවට එම සමාගම දැනුම් දුන් බවත් ය .