ලාභ නම් බෝනස්, පාඩුනම් දීමනාවක් . ලංගම සේවයන් ගැන ආණ්ඩුවේ ස්ථාවරය.

ලාභ ලබන දිවයිනේ සියලුම ලංගම ඩිපෝවල සේවකයන්ට බෝනස් මුදලක් ලබා දීමටත් පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයන්ට දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.

ඔහු මේ බව පැවසූවේ මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ සමග ඊයේ පස්වරුවේ නාවලපිටිය ලංගම ඩිපොවේ නිරික්ෂණ චාරික්වකට එක්වූ අවස්ථාවේදිය . එම අවස්ථාවේ එම ඩිපෝ සේවකයින් විසින් රජයෙන් ලංගම සේවකයින්ට ලබා දෙන බව පැවසූ බෝනස් මුදල නොලැබුණ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ පැවසීමෙන් අනතුරුව අමාත්‍යවරවයා මේ බව සඳහන් කළේය .