ලංකාවේ ශ්‍රම බළකාය පහළ ගිය හැටි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කළ නවතම වාර්තාවකින් ගෙවීගිය වසරේ මෙරට ශ්‍රම බළකාය පහළ ගොස් ඇති බව පෙන්නුම් කරනවා.

ඒ අනුව එම වාර්තාවේ 2022 වසරේ දී මිලියන 8.54ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය පසුගිය වසරේ දී වසරේ දී මිලියන 8.40ක් දක්වා පහත වැටී ඇති බව සඳහන් වනවා.

ශ්‍රම බළකාය සහ කුටුම්බ ජනගහනය අතර අනුපාතය වන ශ්‍රම බළකා සහභාගීත්ව අනුපාතිකය ද 2022 වසරේ දී වාර්තා වූ 49.8% සිට 2023 වසර වන විට 48.6%ක් දක්වා පහත වැටී තිබෙනවා.

සේවා වියුක්ත ජනගහනය මෙන්ම ශ්‍රම බළකාය පහත වැටීමෙහි ඒකාබද්ධ බලපෑම හේතුවෙන් සේවා වියුක්ති අනුපාතිකය ද පෙර වසර හා සැසඳීමේ දී 2023 වසරේ දී 4.7%ක අගයෙහි නොවෙනස්ව පැවතුන බවත් සඳහන් වනවා.

සේවා වියුක්ත ජනගහනය 2022 දී වාර්තා වූ මිලියන 0.399 සිට 2023 වන විට මිලියන 0.39ක් දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.

එසේම, සේවා නියුක්ත ජනගහනය ද 2022 වසරේ දී වාර්තා වූ මිලියන 8.14 සිට පසුගිය වසර වන විට මිලියන 8.01ක් දක්වා පහත වැටී තිබෙනවා.