”රේගුවේ ආදායම හොඳටම මදි” මහින්දානන්ද කියයි

වාහන ආනයනය නැවතීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙම වසරේ අයවැයෙන් අපේක්ෂාකරන ආදායම ලගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය.

මේ වසරේ අයවැයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ලෙස රුපියල් බිලියන 1226ක් බලාපෙරොත්තු වන මුත් වසරේ මුල් මාස පහට එහි අදායම රුපියල් බිලියන 330 පමණක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ රේගු නිළධාරීන් පැවසූවේ තම පුරෝකථනයනට අනුව මේ වසරේ රේගුවේ ආදායම රුපියල් බිලියන 783 ක් වනු ඇති බවය. ඊට හේතුව වාහන ආනයනය තහනම් කිරිම සහ දැනට පවතින භාණ්ඩ ආනයන තහනම බව ඔවුන් පෙන්වාදුන්නේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *