රැයක් දහවලක් නැති අල්ලස් කොමිසම නිසා අධිකරණය එළිවෙනතුරු නඩු අසයි.

පසුගිය අගෝස්තු 22 වනදා රටේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතය. රාත්‍රී 8 වන විටත් එහි නඩුවක් ව්භාගවෙමින් තිබුනි. රටුන් බාලාගෙන සිටියේ අධිරණය රෑ වෙනතුරු නඩු අසන්නෙ ඇයිද කියා නොව, රෑ වෙනතුරු ඇසූ නඩුවේ තීන්දුව ගැන දැන ගන්නටය.

එදා රෑ වනතුරු ඇසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුවය . ඇතැමුන් සිතුවේ රනිල්ට ඇප ලැබේය කියාය. එහෙත් විශ්ව ශක්තියෙන් අනාවැකි කියනා යූ ටියුබ් කරුවෙක් රනිල් ඉන්තේරුවෙන්ම හිරේ යන බව කියා තිබීම නිසා බොහෝ දෙනෙක් තුළ වූයේ නොසන්සුන් තාවයකි . ඒ රනිල් හිරේ යයිද නොයයිද කියාය. අවසානයේ හොඳටම රෑ වී රනිල් හිරේ ගියේය . විශ්ව ශක්තියෙන් අනාවැකි කී අනවැකිය හරි ගියේය .

එදා ඒ ආකාරයෙන් රෑ වෙනතුරු නඩු අසූ කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණය ඊයේ තවත් දිගු රැයක් ගෙවා දැම්මේය . ඒ අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩු දෙක්ක අසා තීන්දුව දීමටය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් කොමිසමේ එම නඩු දෙකක් කැඳවා අවසන් වන විට ඊයේ අද අලුයම් කාලය උදා වී තිබිණි.

අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු දූෂණ චෝදනාවකට සහ පෞද්ගලික රක්ෂණ සමාගමක නියෝජ්‍ය සභාපතිවරයකු තවත් එවැනිම චෝදනාවකටද කොමිසම විසින් පෙරේදා (9 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබූනි . අතර එම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන විට රාත්‍රි 10ට පමණ ආසන්න වී තිබිණි. ඒ අනුව ලංකාවේ වඩාත් කැපවීමෙන් කටයුතු කරනා ආයතය අල්ලස් කොමිසම නොවෙදැයි කෙනෙකුට සිතේ නම් එහි පුදුමයක් නැත. නැතිනම් යක්කු ගස් යන වෙලාවට සැකකරුවන් අධිකරණයට ගෙන එන්නේ නැත.

සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගමද පෙරේදා රාත්‍රියේ අධිකරණය වෙත පැමිණියේය. නඩුව කැඳෙව්වේ මහේස්ත්‍රාත් නිල මැඳිරියේය . නඩු දෙකේ කටයුතු නිමාවනවිට ඊයේ අළුයම් කලය එළබ තිබුනි . අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙදැඩි කැපවීම නිසා ඕවුහු රැයක් දහවලක් නොබලා රාජකාරි කරති. එහෙයින් මහ රෑ වනතුරු නොව එලිවෙනතුරු රාජකාරි කරන්නට විනිසුරුවරුනට සහ අධිකරණ නිළධාරීන්ටද සිදුව ඇත්තේය.