කෙහෙළියගේ ඇමතිකම ගැලෙව්වාට සාගරට කේන්ති යයි

ජනාධිපතිවරයා අද (23) දින සිදුකළ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය හේතුවෙන් තම පක්ෂය බලවත් කනස්සල්ලට පත්ව ඇතිබව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය . එම තීරණය ජනාධිපතිවරයා විසින් නොගතයුතුව තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් ක‍රන ලදි .

“කෙහෙළිය ඇමතිතුමාට විරුද්ධව බොරු චෝදනා නැගුවා. ඒ සියල්ල බොරුවක් බව ඔප්පු වුණා. නමුත් ජනාධිපතිතුමා තීරණය කරන්න ඇති මෙවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් යම්කිසි වෙනසක් සිදුකරන එක හොඳයි කියලා. ඒ අනුව රමේෂ් පතිරණ වෘත්තීයෙන් වෛද්‍යවරයෙක් වන එතුමා සෞඛ්‍ය ඇමති ලෙස පත්කරලා තියෙනවා.

කෙසේ වෙතත් අපේ යම්කිසි කනස්සල්ලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව අපි දැනුවත් කළා. මොකද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තමා අති බහුතරයක් මේ ශක්තිය ලබාදෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 05 දෙනයි ඉන්නේ. නමුත් මෙතනිනුත් ඇමති ධුරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා රාජ්‍ය ඇමති ධුරයකුත් අලුතින් ඒකට දීම ගැන අපි සතුටු නෑ. ඒ ගැන අපි පක්ෂය විදියට දැඩි විරෝධය පළ කරනවා.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *