බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා රජයේ මුදල් යොදවා පෞද්ගලික සංචාරයක යෙදුනේ යයි චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පනවා ඇති නඩුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) කැඳවනු ලැබීය .
එම නඩුවේ අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර, එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වේ නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී නියෝග කළේය .
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉකුත් දිනවල අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශනය කරන ලෙසයි.
නඩුව ජනවාරි මස 28 වැනිදා යළි කැඳවීමට නියමිතය.