රන් ප්‍රවේශ පත්‍ර සහිත ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් ගැටුම අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරගය අද (14) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගය සඳහා විශේෂ රන් ප්‍රවේශ පත්‍ර කිහිපයක් ද මුද්‍රණය කෙරුණු අතර, එම ප්‍රවේශ පත්‍ර දකුණු ඉන්දීය සුපිරි නළු රජ්නි කාන්ත්, සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හා ඉන්දීය ක්‍රිකට් වංශයේ ලිට්ල් මාස්ටර් හෙවත් සචින් ටෙන්ඩුල්කාර් යන අයට ලබා දීමට තීරණය වී ඇත.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ ක්‍රීඩා ලෝලින් මහත් උනන්දුවෙන් පසු වන තරගයක් ලෙස මෙම තරගය හැඳින්විය හැකි බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයට පෙර විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *