රන්වලගේ වෙරි හිඳෙන තුරු මධ්‍යසාර පරීක්ෂණය පමා කරලා.

දේශපාලනය මතය හෝ පක්ෂය නොතකා නීතිය සමට සමානව ක්‍රියාත්මක කරන බව පැවසූ වත්මන් ආණ්ඩුව දැන් කටයුතු කරන්නේ ඊට පටහැනිව බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරැණා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අශෝක රන්වලගේ රිය අනතුර අවස්ථාවේ ඔහු බීමතින් සිටියේ චෝදනා එල්ල වන බවත්, අනතුරකින් පසු සාමාන්‍ය ක්‍රමවේදය යොදාගනිමින් රන්වලගෙ බීමත් බව පරීක්ෂා කළේනම් සත්‍ය හෙලිකරගත හකිව තිබූ බවත් ඔහු පැවසීය.

එහෙත් එම මොහොතේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ නොකරන ලෙසට පොලිසියට බලපෑම් කර ඇති බවට තොරතුරු ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය. අවසානයේ පරීක්‍ෂණ කරන්නට වෙන්නේ අරක්කු වල වෙරි සිදුනු පසු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.