රට රැකියා දෙන බව කියා කෝටියක් වංචා කළ ප්‍රාදේශීය සභා සභාපති අත් අඩංගුවට.

විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි .

සැකකරු කොරියාව, ජපානය ඇතුළු රටවල් ගණනාවක රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 03 සිට ලක්ෂ 10 දක්වා මුදල් ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත .

සැකකරුට එරෙහිව පේරාදෙණිය පොලිසියට පමණක් පැමිණිලි 08ක් ලැබී ඇති බවත්, ඒ පිළිබඳව විමර්ෂණ සඳහා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි .