මොරටුව මුහුදු වෙරළෙන් කාන්තා මළ සිරුරක් හමුවේ.

මොරටුව, කොරළවැල්ල ජුබිලි පාර මුහුදු වෙරළට ගොඩගැසූ කාන්තාවකගේ මෘත දේහයක් පිළිබඳව මොරටුව පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34 ක් වූ කොරළවැල්ල, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව අදාළ කාන්තාව සමග පුද්ගලික ආරවුලක් ඇති කරගත් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.