ණය ගෙවීමට පමණක් නොව එදිනෙදා අවශ්‍යතාවයන් පවා පිරිමසාගත නොහැකි තැනට පත්ව බංකොළොත්වී තිබූ ශ්‍රී ලංකාවේ මෙවන් අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවටත් පිස්සුවක් නැතැයි ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
මේ මිහොත වෙන විටත් රටේ සංවර්ධන කටයුතු හා එදිනෙදා වියදම් සඳහා රජය මුදල් සපයා ගන්නේ ඉතා අමාරුවෙන් බවත්, එනිසා මෙම කාල සීමාව තුළ මැතිවරණ පැවැත්වීමට කිසිදු හැකියාවක් නැතැයිද හෙතෙම සඳහන් කළේය. කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.