මේ මාසයේ ගැස් මිලේ වෙනසක් නෑ- ලිට්‍රෝ සභාපති කියයි

විනිමය අනුපාතය හා ජාත්‍යන්තර මිල වෙනස්වීම් සැලකීමේදී ගෑස් මිලෙහි ඉහළ දැමීමක් සිදු කළ යුතු වුවද, ගෘහස්ථ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කරන ලද බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි .

ඒ අනුව එළඹෙන උත්සව සමය ගැන සලකා බලා ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට සමාගම තීරණය කර ඇති අතර මෙම මාසයේදීත් 12.5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3565/= ක් ලෙස පවතින බව එම සමාගම පවසයි.

c

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!