2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මැතිවරණය කොමිසමට දැනුම් දී තිබේ.
දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු බවත් ඒ සඳහා මේ වනතෙක් මුදල් ලැබී නොමැති බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය.
එමෙන්ම ඡන්ද ප්‍රතිකා මුද්‍රණයට මේ වනවිට රුපියල් කෝටි 20ක මුදලක් වැයවී ඇති අතර මේ දක්වා කොමිසමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 4ක මුදලක් පමණක් බව මුද්‍රණාලයාධිපතිනිය පැවසුවාය.
මේ දක්වා වැය වූ මුදල් නොලැබීම හේතුවෙන් මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගන යාමේ අර්බුදයක්ද මතුව ඇති බවත් පවතින තත්ත්වය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා එළඹෙන සඳුදා දිනය වනවිට කොමිසමට භාරදිය නොහැකි බවත් ඇය සඳහන් කළාය.
කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී.පුංචිහේවා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ඡන්ද පත්‍රිකා ලැබුනහොත් තැපැල් ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පැවැත්විය හැකි බවයි.