IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනපති සූදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවයේ සැඟවීමට දෙයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය .

අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළැඹෙන සතියේ දී IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි .

ඉන්පසු විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට ඒ පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට රජය සුදානම් බවත්, රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *