මිහින්තලේ ධර්මශාලාව ගිලා බසී.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ ඉහළ මළුවේ පිහිටි ධර්ම ශාලාව ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ . භූවිද්‍යා හා පතල් කැනීම් අංශයේ ඉංජිනේරුවන් විසින් සිදුකළ පරීක්ෂණවලින් මේ බව අනාවරණය වී ඇත. එමෙන්ම, මිහින්තලේ ගිරිබන්න සෑයද කඩා වැටීමේ අවධානමක් පවතින බවට ඔවුන් අදහස් දක්වා ඇත .

විධිමත් ඉංජිනේරු පරීක්ෂාවකින් පසු ඔවුන් මෙම අවදානම් තත්ත්වය තහවුරු කර ඇති අතර ඉතා ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් දන්වා ඇත.