මාළිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගනී .

මාලිගාවත්ත වකුගඩු රෝහලේ වෛද්‍යවරු පිරිසක් පසුගියදා නේවාසික විනෝද චාරිකාවක් සහ වෛද්‍ය වැඩමුළුවන් පවත්වා ඇත. ඒම විනෝද චාරිකාව සහ වැඩමුළුව සඳහා ඖෂධ සමාගම් වලින් වෛද්‍ය සංගමයේ අදාළ රෝහලේ ශාඛාවට මුදල් ලබා දී ඇති බවට අල්ලස් කොමිසම විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඊට අදාල පරීක්ෂණ මේවන විට ආරාම්භ කර අති බව වාර්ථා වේ.

දැනටමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ද සටහන් කොට ඇත.

අදාළ විනෝද චාරිකාව, සදහා වැයවූ මුදල් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම් වලින් බවට ලද තොරතුරක් මත මෙම විමර්ශන ආරම්භ කොට ඇත. ඉදිරියේදී මෙම වැඩමුළුව සඳහා සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වෙයි.