මෙම වසරේ ජනවාරි පළමුවෙනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුම් හරහා පුද්ගලයන් 7,900,461 දෙනෙකු (ලක්ෂ 79කට අධික) පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යු වුට්ලර් පැවසීය . ඊයේ පැවති මාධ්‍ය හමුවක් ආමතමින් ඔහු මේ බව සඳහන් කළේය .
වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු පැවසූවේ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 6,641 දෙනෙකු එම කාල සීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.
එමෙන්ම අධිකරණය මඟින් නිකුත් කර තිබූ දින වරෙන්තුකරුවන් 73,634 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 48,335 දෙනෙකු පොලිස් භාරයට ගෙන නීතිමය පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම කාලසීමාව තුළ සමස්තයක් ලෙස නීති විරෝධී ගිනිඅවි 2,941ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවත්, එම අවි අතර ටී-56 ගිනිඅවි 73ක්, පිස්තෝල 83ක්, රිවෝල්වර 59ක්, වෙනත් වර්ගවල ගිනිඅවි 2,126ක් ඇතුළත් බව ඔහු පැවසීය.
තවද 2025 ජනවාරි 01 සිට සමස්ත රටේ අත්අඩංගුවට ගන්නා ලැබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1793ක්, සහ ග්‍රෑම් 139ක් ලෙස වාර්තාවන බවත්, අයිස් කිලෝ ග්‍රෑම් 3683ක් සහ ග්‍රෑම් 163ක් පොලිස් භාරයට රැගෙන ඇති බව ඔහු පැවසීය..
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශය එෆ්,යූ වුට්ලර් මෙසේ පැවසීය:
“ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට හේතු වුණේ , ඔබ දන්නවා 2025 ජනවාරි පළවෙනි දින සිට ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය වැටලීන් සම්බන්ධයෙන් දත්ත කීපයක් මේ අවස්ථාවේදී මා ඉදිරිපත් කළ යුතුයිකළ යුතුයි. 2025 ජනවාරි පළවෙනිදා සිට සමස්ත රටේ අත්අඩංගුවට ගන්නා ලැබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1793ක්, සහ ග්‍රෑම් 139ක් ලෙස වර්තාවෙනවා. ඒ වගේම අයිස් කිලෝ ග්‍රෑම් 3683ක් සහ ග්‍රෑම් 163ක් පොලිස් භාරයට අරගෙන තියෙනවා. ගංජා ක්‍රිලෝග්‍රෑම් 16,686ක් සහ ග්‍රෑම් 62ක් කොකේන් කිලෝ ග්‍රෑම් 37ක් ග්‍රෑම් 899ක් හෂීස් ක්‍රිලෝග්‍රෑම් 746ක් සහ ග්‍රෑම් 673ක් යනාදී වශයෙන් 2025 ජනවාරි පළවෙනිදා සිට මේ දක්වා අධිකරණ කටයුතු සඳහා පොලිස් භාරයට රැගෙන තියෙනවා. ඒ වගේම 2025 ජනවාරි පළවෙනිදා සිට විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම්,මෙහෙයුම් සෝදිසි කිරීම් හරහා අපිට හැකියාව ලැබිලා තියෙනවා.
සමස්ත රටේ පුරවැසියන් 79 ලක්ෂ 461ක් පුද්ගලයන් පරික්ෂාවට ලක් කරන්නට. මෙම පරීක්ෂාවලින් අපිට හැකියාව ලැබිලා තියෙනවා විවිධ වූ අපරාධයන් සඳහා සම්බන්ධ පුද්ගලයන් හයදාස් හයසිය හතලිස් එකක් අත්අඩංගුවට ගන්නට ඒ වගේම ඔබ දන්නවා විශේෂයෙන්ම අධිකරණ නියෝග හරහා නිකුත් කර තිබූ දින වරෙන්තු කරුවන් 73634 දෙනෙකු පොලිස් භාරයට රැගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපිට හැකියාව ලැබිලා තියෙනවා. අධිකරණ නියෝග හරහා නිකුත් කරන ලද විවෘත වරෙන්තු 48,335ක් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට හැකියාව ලැබිලා තියෙනවා. 2025 ජනවාරි මාසේ පළවෙනිදා සිට මේ දක්වා මේ සිදු කරනු ලැබූ සෝදිසි කිරීම් පරීක්ෂා කිරීම් අත්අඩංගුවට ගැනීම් හරහා අපිට හැකියාව ලැබිලා තියෙනවා ටී 56 ගිනි අවි 73ක් පොලිස් භාරයට ගන්නට. ඒ වගේම පිස්තෝල අවි අසූ තුනක් විවොල්වර පැති අවී පනස් නවයක් වෙනත් අවි 2126ක් ඇතුළුව මේ වන විට 2941ක් සමස්ත අවි ප්‍රමාණයක් පොලිස් භාරයට අරගෙන තියෙනවා”