මාස 11 ට ඖෂධ 115 ෆේල්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත වලට අනුව 2023 වසරේ මේ දක්වා ඖෂධ 115 ක් තත්ත්ව පරීක්ෂණ අසමත් වී ඇත.

තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ ඖෂධවලින් 58ක් පමණ ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති අතර ඖෂධ 45ක් දේශීයව නිෂ්පාදනය කර ඇත. අනෙක් ඒවා චීනය, පාකිස්තානය, ජපානය සහ බංග්ලාදේශය වැනි රටවලින් පැමිණි ඒවාය.

තත්ත්ව පරීක්‍ෂණවලින් අසමත් වී ඇති බවට හඳුනාගත් ඖෂධ අතර, සමහරක් ඉවත් කර, රඳවා තබා හෝ අත්හිටුවා ඇත.

මීට අමතරව, Flucloxacillin Cap කාණ්ඩ 35 ක් මැයි මාසයේදී ඉවත් කර ගෙන ඇති අතර, මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසිනි.

ඖෂධවල ගුණාත්මක භාවයේ ගැටලු නිසා සංකූලතා සහ මරණ කිහිපයක් වාර්තා විය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!