මේ ආණ්ඩුවට මාධ්‍ය මර්ධනය කරන්න්නට තරම් හැකියාවක් නෑ .

වත්මන් ජාතික ජන බලවේග රජයට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වුවද ඒ සඳහා අවශ්‍ය ”කැපෑසිටියක්” නොමැති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසනුයේ, රජයට එවැනි මර්දනයක අවශ්‍යතාවක් තිබුණද, එය ක්‍රියාවට නැංවීමට තරම් හකියාවක් ඔවුන් සතු නොවන බවයි.

මෑත කාලීනව ‘හිරු’ මාධ්‍ය ජාලයේ මෙහෙයුම් සම්බන්ධයෙන් රජය තුළ විශාල නොසන්සුන්තාවක් හටගෙන ඇති බවත් එනිසාම ඊට එරෙහිව පියවර ගැනීමේ දැඩි උවමනාවක් මතු වී ඇති බව ඔහු පවසයි .

මාධ්‍ය මර්දනය පිළිබඳ වර්තමාන කතාබහ නිර්මාණය වී ඇත්තේ එම පසුබිම මත බවත් ,
රජයේ සමස්ත ශක්තියම පවතින්නේ ඉතා අවම මට්ටමක බවත් ඔහු අවධාරණය කළේය.

“ආණ්ඩුවට මර්දනකාරී යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වුණත්, ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ඔවුන් සතුව නැහැ. පොදුවේ ගත් කළ මේ ආණ්ඩුවේ ධාරිතාව විශාල එකක් නොවෙයි. එවැනි අඩු ධාරිතාවක් සහිත ආණ්ඩුවකට මර්දනකාරී යාන්ත්‍රණයක් වැනි සංකීර්ණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම කිසිසේත්ම කළ නොහැක්කක්,” මහාචාර්ය දේවසිරි පැවසීය .