මන්නා රොෂාන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරකුට ඊයේ (4) පෙරවරුවේ වෙඩි තැබීම සම්බන්ධයෙන් හඳුනා නොගත් පුද්ගලයකු විසින් හංවැල්ල පොලිසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව වාර්තා වනවා.
එම වෙඩි තැබීමෙන් මන්නා රොෂාන්ගේ සහෝදරයා මියගිය අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළා.
“මන්නා රොෂාන්ගේ මල්ලි මධුසංකටයි, තවත් එකෙකුටයි නිරිපොළ වෙළ ගාව දී වෙඩි තිබ්බා. ගිහින් බලන්න මම කතා කරන්නේ ලලිත් කන්නංගර”, යනුවෙන් අදාළ ඇමතුම ලබා දී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර සහ මන්නා රොෂාන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වී තිබූ ආරවුලක් මත මෙම වෙඩි තිබීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවල දී අනාරණය වී තිබෙනවා.
මීට මාස කීපයකට පෙර පාදුක්ක ප්‍රදේශයේ දී මන්නා රොෂාන් නැමැත්තා ද ඝාතනයට ලක් වුණා.
ඊයේ දිනයේ සිදුවීමේ දී වෙඩි ප්‍රහාර 8 ක් හෝ 11ක් පමණ එල්ල වී ඇති අතර, වෙඩි තැබීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශ, යුද හමුදාව ඇතුළු කණ්ඩායම් කීපයක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.